“Inter School” නම් Whatsapp සමූහය ගැන පැහැදිලි කිරීමක්…

බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවා ලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුණේ අයි.එස්.අයි.එස් සංවිධානයට අයත් inter-school නම් අදාළ Whatsapp සමූහයෙන් ආරාධනයක් ලැබුණ හොත් ඊට සම්බන්ධ වීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත් වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.

මෙම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් වුවද Whatsapp කණ්ඩායම සම්බන්ධයෙන් සදහන් කර ඇති තොරතුරු සත්‍යතාව තහවුරු කරන ලද තොරතුරක් නොවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

1 Comment

Leave a reply to Tharusha Cancel reply